Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO)ඉන්දීය විදේශ ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කිරීම කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමක් – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

ඉන්දීය විදේශ ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කිරීම කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමක් - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

ඉන්දීය විදේශ ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කිරීම කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමක් - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

ඉන්දීය විදේශ ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කිරීම කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමක් බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසති.
සෝභිත හිමියන් සඳහන් කළේ, ඉන්දියාවට ඉතිරි තෙල් ටැංකි 85 ත් භාරදීමට සූදානම් වන බවට කරුණු වාර්තා වන බවයි.

තව ද උන්වහන්සේ විමසා සිටින්නේ, රටේ සම්පත් මේ තරම් කුණු කොල්ලයට විකිණීමට වත්මන් පාලකයන්ට ඇති අයිතිය කුමක් ද යන්නයි.

”ඉන්දීය විදේශීය ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කරන්න මේ ඉදිරිපත් වෙන්නේ කූඨ ගනුදෙනුවක් සම්පුර්ණ කරගැනීමට වාර්තා වන කරුණු අනුව මේ සූදානම් වෙන්නේ ඉන්දියාවට ඉතිරි තෙල් ටැංකි 85 ත් භාරදෙන්න. රටේ සම්පත් මේ තරම් කුණු කොල්ලයට විකුනන්න වත්මන් පාලකයන්ට තියෙන අයිතිය මොකක්ද ? මේක ඉතාමත් සහගහන අපරාධයක් මේ අත්තනෝමතික දුර්දාන්ත ජාතික වස්තු මංකොල්ලයට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි. කොයි තරම් කරුණු කිව්වත් ජනාධිපතිතුමන්ට ඒ කරුණු ඇහෙන බවක් නැහැ. එහෙමනම් අපිට හිතෙන්නේ කුමක්ද? මොවුන්ට අනාගතයේ මේ රට පාලනය කිරීමේ දේශපාලනය කිරීමේ ආශාව අතහැරල ද මේ කටයුතු කරන්නේ. ඇෆ්ගනිස්ථානයට සිදුවුණු දේද? මේ වෙන්නේ. ඉතියෝපියාවට, සෝමාලියාවට සිදුවුනු දේද මේ වෙන්නේ”

Exit mobile version