Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා ආසාදිතයන්ට දීර්ඝ කාලීන අසාමාන්‍ය සංකූලතා; කාන්තාවන් අතර බහුලව

කොරෝනා ආසාදිතයන්ට දීර්ඝ කාලීන අසාමාන්‍ය සංකූලතා; කාන්තාවන් අතර බහුලව

කොරෝනා ආසාදිතයන්ට දීර්ඝ කාලීන අසාමාන්‍ය සංකූලතා; කාන්තාවන් අතර බහුලව

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් තුළ දිගු කාලීන කොවිඩ් රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කළේ, මෙම දිගු කාලීන රෝග ලක්ෂණ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන බවය.

අසාමාන්‍ය ශ්වසන අපහසුතා, කාංසාව, විශාදය, පපුවේ සහ උගුරේ වේදනාව, විඩාව, හිසරදය සහ මාංශ පේශී වේදනාව වැනි දිගු කාලීන රෝග ලක්ෂණ කොරෝනා අසාදිතයන් තුළ පැවතිය හැකි බව චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත.

ඉන් 15%ක කාන්සාව සහ විශාදය වැනි රෝග ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර 1.5%ක පමණ අඩු ප්‍රතිශතයක් දක්නට ලැබෙන්නේ මාංශ පේශිවල ඇති වන වේදනා බව ඔහු පෙන්වා දී ඇත.

එමෙන්ම, කොවිඩ් වැළඳුණු රෝගීන් තුළ වෙනත් රෝග ලක්ෂණ 7%ක සුළු ප්‍රමාණයක් ද පවතින බව ඔහුගේ ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version