Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නවසීලන්ත රජයෙන් ත්‍රස්ත ක්‍රියා වළක්වන්න නව නීති සකස් කිරීමට පියවර

නවසීලන්ත රජයෙන් ත්‍රස්ත ක්‍රියා වළක්වන්න නව නීති සකස් කිරීමට පියවර

නවසීලන්ත රජයෙන් ත්‍රස්ත ක්‍රියා වළක්වන්න නව නීති සකස් කිරීමට පියවර

ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් ද පවතින නීති දැඩි කිරීමටත්, නව නීති සකස් කිරීමටත් නවසීලන්ත රජය පියවර ගෙන තිබේ.

ඒ, එම නව නීති සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමත් සමඟය.
ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම, ත්‍රස්ත ක්‍රියා සැලැසුම් කරන්නේ නිවසේවලට වරෙන්තු නොමැතිව ඇතුළුවීම ආදිය සම්බන්ධයෙන් නව නීති යටතේ පොලිසියට බලය හිමිවෙයි.

ඒ අනුව, මින් ඉදිරියට නීතියේ ඇති ‘හිඩැස්’වලින් බේරී යෑමට කිසිම අපරාධකරුවකුට ඉඩක් නොලැබෙන බව නවසීලන්ත අධිකරණ අමාත්‍ය ක්‍රිස් ෆාෆොයි පවසා ඇත.
නවසීලන්තය මේ අයුරින් ඔවුන්‌ගේ ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් නීති වෙනස් කළේ පසුගිය සැප්තැම්බර් 3 වැනිදා ඕක්ලන්ඩ් නුවර, වෙළෙඳසැලකට කඩා වැදුණු අහ්මද් සන්සුදීන් නමැති ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයා සිදු කළ ප්‍රහාරයෙන් අනතුරුවය. මොහු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අනුගැමිකයකු බව නවසීලන්ත ආරක්ෂක අංශ කල් තියා හඳුනාගෙන සිට ඇත.

කෙසේ නමුත් ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් බැවින්, අත්අඩංගුවේ පසුවුණු මොහුට නිදහස ලැබුණු අතර, එසේ නිදහස ලැබී මාස කීපයකින් ඔහු පිහි ප්‍රහාරය එල්ල කළේය.

අහ්මද් සන්සුදීන් නිදහස ලැබු‍වේ නීතියේ ‘හිඩැස්’ ඇති බැවින් බවත්, ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් නව නීති කඩිනමින් සකස් කරන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය එම අවස්ථාවේදී අවධාරණය කළාය. නව නීති සකස් කෙරුණේ ඒ අනුවය.

Exit mobile version