Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවට විදේශීය ටෙන්ඩර්කරුවන් එන්නේ නැහැ – නිල ප්‍රකාශයක්

මේ වනවිට ලංකාවෙන් කැඳවනු ලබන ජාත්‍යන්තර ටෙන්ඩර් සඳහා ලන්සුකරුවන් ඉදිරිපත් නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

සිරස රූපවාහිනිය 30වන දින රාත්‍රියේ විකාශනය කළ මාවත කාලීන වැඩසටහනේදී මේ බව ප්‍රකාශ කෙරිණි. එම වැඩසටහනට සහභාගී වූ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ප්‍රදිනාන්දු මේ බව හෙළි කළේය.

විදුලි බල මණ්ඩලය මේ වනවිට ජාත්‍යන්තර ටෙන්ඩර් කිහිපයක් කැඳවා තිබුණද ඒ සඳහා ලන්සුකරුවන් ඉදිරිපත් වී නැති බව ඔහු එහිදී නිල වශයෙන් ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අවධාරණය කළේ “ඒක තමයි ඇත්ත” යනුවෙනි.

මේ වනවිට ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරමින් විදේශ ණය ලබා ගැනීමට කරණ උත්සාහයන්වලදීද ඉතා අවම සහභාගිත්වයක් තිබෙන බව මහ බැංකුවේ මෑත කාලීන තොරතුරුවලින් වාර්තා වී තිබේ. මෙරටට ආනයනය කළයුතු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතුළු ද්‍රව්‍ය ගෙන්වා ගැනීම පවා බරපතල ප්‍රශ්නයක් වන තත්වයක ලෝකය හමුවේ ලංකාව ඇදවැටී ඇත.

Exit mobile version