Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සීගිරිය නැරඹීමට සංචාරකයන් යලි පැමිණේ

2023 පළමු මාස 7ට සංචාරකයන් 763,000ක්; අදායම ඩොලර් මිලියන 800ක්

2023 පළමු මාස 7ට සංචාරකයන් 763,000ක්; අදායම ඩොලර් මිලියන 800ක්

සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා පවසයි.

ඉන්දියාව මෙන්ම යුරෝපීය රටවල්වල සංචාරකයන් මේ දිනවල සීගිරියට පැමිණෙන බව සීගිරි සංචාරක මග මග පෙන්වනනෝද පවසති.

යුරෝපීය රටවල්වලින් වැඩි සංචාරකයන් යුගල් වශයෙන් සහ තනි වශයෙන් පැමිණෙමින් සිටින ආකාරයත් ඔවුන් මෙරට පැමිණ වර්තමාන සංචාරක තත්ත්වය පිළිබඳව සොයා බලා ඔවුන්ගේ පවුල්වල සහ රටේ අනෙකුත් අයට දැනුම් දීම් සිදු කරන බවද පවසති.

සීගිරියට පැමිණ සිටි ජර්මන් ජාතික සංචාරකයින් පිරිසක් කියා සිටියේ මෙරට සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිතව සංචාරය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බවය. සංචාරක ව්‍යාපාරය හෝටල් මෙන්ම අනෙකුත් ස්ථානද සෞඛ්‍යාරක්ෂිතව පවතින බවත් ඉතා ලස්සන ලංකාව සංචාරය කිරීම සඳහා පැමිණෙන ලෙස තමන්ද ඉල්ලීමක් කරන බව ඔවුහු පවසති.

සංචාරක මගපෙන්වන්නන් කියා සිටියේ මාස ගණනාවකට පසුව තම රැකියාව සිදු කරගැනීම සඳහා හැකියාව පවතීන බවත් රජය ලබාදුන් තීන්දු තීරණ නිසා සංචාරක ව්‍යාපාරය ඉදිරියේ දී සාර්ථක වනු ඇති බවටද ඔවුහු විශ්වාසය පළ කර සිටිති.

Exit mobile version