යහපාලන සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූයේ කිසියම් හොරකමට,වංචාවකට සම්බන්ධ වූවන් වන අතර දැන් එයට යාමට සිදුව ඇත්තේ පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත හෙළිදරව් කළ,ඇන්ටිජන් වංචාව ගැන ඇත්ත හෙළිදරව් කරන අය,NMRA දත්ත හොරකම ගැන කියපු අය වැනි ඇත්ත හෙළිදරව් කළ අයට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ 24වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
හොරකම්ය, වංචා දුෂණ වලට සම්බන්ධ අයට හපාලන සමයේදී දඬුවම් දීමට නොහැකි වීම තුළ අද මෙවන් තත්ත්වයක් මතුව තිබෙන අතර හිරේ සිටිය යුතු අය දැන් බලයේ සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ඩීල් නඩය විසින් ඒවා යටගැසීම නිසා දඬුවම් දීමට නොහැකි වූ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.