Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගැබ්ගැනීම් පමා කරන කතාව වැරැදියට අරං : ගර්භණී මව්වරුන් ගබ්සා කරගැනීමට අවසර ඉල්ලයි

ගැබ්ගැනීම් පමා කරන කතාව වැරැදියට අරං : ගර්භණී මව්වරුන් ගබ්සා කරගැනීමට අවසර ඉල්ලයි

කොවිඩ් වසංගත අවදානම යම්තාක් දුරකට පහව යන තෙක් ගැබ් ගැනීම් හැකිනම් වසරකින් පමා කරන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු කළ ඉල්ලීම වැරැදි ලෙස අර්ථකතනය කරගත් ඇතැම් ගර්භණී මව්වරුන් තම කුසේ සිටින කළලය ගබ්සා කිරීමට වෛද්‍යවරුන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් සඳහන් කරයි.

ගබ්සාවක් කිරීමට මෙරට නීතියෙන් ඉඩ ඇත්තේ ගර්භණී භාවය හේතුවෙන් මවගේ ජීවිතයට යම් හානියක් සිදුවන්නේ නම් පමණක් බවත් එයත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු තහවුරු කර තීබීම මත බවද ගර්භණී වී ඇති සියලුම මව්වරුන් අනියත බියක් ඇති කර ගතයුතු නොමැති අතර කොවිඩ් වයිරසය ආසාදනය වුවද ඉන් ඇතිවිය හැකි සංකූලතාවන් වළක්වා ගැනීමට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්යය යැයිද වෛද්‍ය ලැනරෝල් පෙන්වාදේ.

කොවිඩ් මර්දන එන්නත මගින් කුස තුළ වැඩෙන දරුවාට හෝ මවට කිසිදු හානියක් වන බව ලෝකයේ මෙතෙක් කරන ලද පර්යේෂ​ණයන්ගෙන් තහවුරු වී නැති බවද වෛද්‍යවරයා කියයි.

මෙරට දී එන්නත ලබාගත් ගර්භණී මව්වරුන් මේ වන විටත් දරුවන් බිහිකර ඇත. එම දරුවන්ටද කිසිදු සංකූලතාවක් ඇතිව නැතැයිද හෙතෙම සඳහන් කරයි.

Exit mobile version