Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාලදිවයිනට මෙරටින් වැලි යැවූ බව ඔප්පුකළහොත් ඇමති ධූරයෙන් ඉවත්වෙනවා – මහින්ද අමරවීර

මාලදිවයිනේ දූපතක් ගොඩකිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි එරටට යැවීමේ ජාවාරමකට නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රිවරයා  (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා (08) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔහු ඉන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට යොමු කිරීමේ ජාවාරමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට මන්ත්‍රිවරයෙකු කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම වගකීමක් ඇති අමාත්‍යවරයෙකු ලෙස තමා  අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර පවතින අණ පනත්වලට අනුව මෙරට  සම්පත් නීතිවිරෝධී ආකාරයෙන් පිටකිරීමේ හැකියාවක් නොමැති බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අදාළ චෝදනාව රාසමානික්කම් මන්ත්‍රිවරයා විසින් ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධුරයෙන් මෙන්ම මන්ත්‍රී ධූරයෙන් ද ඉවත්වීමට සූදානම් බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි

Exit mobile version