Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා; මේක නං නවතින පාටක් නැහැ – මුජිබර් රහුමාන්

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා; මේක නං නවතින පාටක් නැහැ - මුජිබර් රහුමාන්

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා; මේක නං නවතින පාටක් නැහැ - මුජිබර් රහුමාන්

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දින සිට මේ දක්වා රු. බිලියන 1,250ක මුදල් අච්චු ගසා ඇති බවත් රටේ තිබෙන තීන්ත අවසන් වනතුරු එසේ මුදල් අච්චු ගසනු ඇති බවට තමන්ට හැඟී යන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසයි. (06) දින පාර්ලිමේන්තුවේ හදිසි නීති රෙගුලාසි විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. මේ අතර මුජිබර් රහුමාන් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ අද වන විට ඩොලරය රු. 231 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

විවාදයට එක් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා,

“‌මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු එක හමාරක් වෙනවා. මේ අවුරුදු එකහමාර තුළ දී එක දෙයක් හරියට කරලා තියෙනවා. ඒක තමයි මේ රටේ රුපියල් බිලියන 1,250ක් මුදල් අච්චු ගහලා තියෙනවා. අපිට නම් පෙන්නේ රටේ තියෙන තීන්ත ටික ඉවර වෙනකං මේක අච්චු ගහයි කියලා. මේක නං නවතින පාටක් නැහැ. මොකද විකල්ප නැහැ. වෙන වැඩපිළිවෙලක් නැහැ. හැම වැඩපිළිවෙලක්ම ගිලිහිලා ගිහිල්ලා තියෙන්නේ. අද විදේශ මුදල් සංචිතය තියෙන ඩොලර් ටික තමයි වියදම් කරගෙන යන්නේ. කොයිතරම් අසීරුවකට ලක්වෙලාද කියලා කිව්වොත් අන්තිමට අපිට පිටිපස්සෙන් හිටපු බංග්ලාදේශයෙනුත් ගිහිල්ලා ඩොලර් මිලියන 250ක් ගන්න තත්ත්වෙට ආණ්ඩුව පත්වෙලා තිබෙනවා. වාර්තාවකුත් තිබ්බා. ලෝකයේ පළවෙනි රට බංග්ලාදේශයෙන් ණය ගත්ත.”

“අපි දැක්කා ඊයේ පෙරේදා වෙනකොට මේ රටේ විදේශ සංචිතය ඩොලර් බිලියන 2.9කට බැහැලා තියෙනවා. අද වානිජ බැංකුවලට ගියාම ඩොලර් එක රු. 231 යි. අද ඒක තමයි යථාර්ථය. එතකොට මහ බැංකුව එකක් කියනවා, රටේ වානිජ බැංකුවලට ගිහිල්ලා ඩොලර් එක ඇහුවාම රු. 231 යි කියනවා. රු. 202 ට කොහේවත්ම ඩොලර් නැහැ. මොකක්ද මේ කරන විහිළුව. ඒකෙන්ම පේනවා මේ ආණ්ඩුව මේ යථාර්ථය අවබෝධ කරගනෙ නැහැ. මහ බැංකුව කියනවා ඩොලර් එක 202 යි කියලා. වෙළෙඳ ව්‍යාපාරිකයෝ ගිහිල්ලා LC එක අරින්න ගියාම, ඩොලර් පිටරටට යවන්න ගියාම ඩොලර් 230ට යන්නේ.”

Exit mobile version