Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“අනාග‍තයේදී සිදුවිය හැකි ව්‍යසනයට වගකියන්න බෑ” – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොරෝනා මර්දනය කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

කොරෝනා මර්දනය පිළිබඳ සායනික කමිටු සාමාජිකත්වයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයා විද්‍යුත් තැපෑල හරහා ලිපියක්‍ යොමු කරමින් මෙම තීරණය දැනුම් දී තිබෙනවා.

ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන විජේවික්‍රම මහතා කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරිපෙළ ප්‍රධාන වෛද්‍ය විශේෂඥයෙකු ලෙස කටයුතු කළේය.

කොරෝනා මර්දනය පිළිබඳ සායනික කමිටුව හරහා ගනු ලබන ඇතැම් තීරණවලට එකඟ විය නොහැකි බැවින් හා එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව ලබාදුන් උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සිය තීරණයට හේතු වූ බවයි විජේවික්‍රම මහතා දැනුම් දී තිබෙන්නේ.

කොවිඩ් මර්දන ක්‍රියාවලිය තුළ ගන්නා ඇතැම් තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග හේතුවෙන් අනාග‍තයේදී සිදුවිය හැකි ව්‍යසනයට තමාට වගකිව නොහැකි බවද වෛද්‍යවරයා පවසා තිබෙනවා.

Exit mobile version