Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය! සෑබෑ තත්ත්වය මෙන්න…

දකුණු ආසියාවේ කොවිඩ් වෛරස බලපෑමෙන් ඉතා දරුණු ලෙස බලපෑමට ලක් වී ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ප්‍රතිශතය 19% කින් ඉහළ ගොස් ඇති බව ද, ඉන්දියාවට වඩා දරුණු සහ භයානක තත්ත්වයක ශ්‍රී ලංකාව සිටින බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.

දුර දක්නා සැලසුම්වලට වඩා ජනතාව ආරක්ෂා කිරීමට හදිසි තීරණ දැන් ක්‍රියාත්මක කළ යුතු බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

දකුණු ආසියානු කලාපයේ කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වාර්තාව ඉදිරිපත් කර ඇති මොහොතක, සෞඛ්‍ය අංශය වාර්තාව සම්බන්ධව ද, ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධව ද ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගෙ මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ,

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායම සමඟ එක් වී ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයන් 15 දෙනෙකු පර්යේෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පවතී.

මේ වන විටත් වාර්තාවක් ප්‍රකාශ කර ඇති මොහාතක, වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය නව වාර්තාවක් නිකුත් කර ඇත.

මෙහි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොවිඩ් මරණවල ගනන අගෝස්තු මාසයේ අග වන විට 15% කින් වැඩි වී ඇති බව ප්‍රකාශ කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ,

පසුගිය සතියේ පමණක් දකුණු ආසියානු කලාපයේ කොවිඩ් මරණ 14,000 ක් වාර්තා වී ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාවේ මරණ ප්‍රතිශතයට වඩා දරුණු තත්ත්වයක් වාර්තා කර ඇත.

එම නිසා මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් මෙන්ම දැඩි පියවරයන් ගත යුතුව තිබේ.

මේ වන විටත් අප අවදානම් තත්ත්වයක සිටින බව පිළිගෙන වර්තමාන වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු පියවරයන් ගැන සිතා බැලිය යුතුයි.

වර්තමානයේ දිගුකාලීන දූර දර්ශී සැලසුම් පර්යේෂණ නොකර, ජනතාව ආරක්ෂා කිරීමේ තීන්දු ගැනීම වඩා වැදගත්ය. ආසියාවේ ඉතා භයානක ලෙස වෛරස බලපෑමට ලක් වූ රට ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගෙන ඇති බව සිතේ තබා ගෙන තීන්දු තීරණ ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Exit mobile version