ඉන්දියාවෙන් ලංකාවට සායනික ඔක්සිජන් ලබා ගැනීමේදී රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම පැත්තකට දමා එම මැදිහත්වීමත් නාවික හමුදාවට බාරදී තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිෂාන්ත උලුගේතැන්න විසින් ඉන්දීය හමුදාපති අද්මිරාල් කරම්දීර් සිංට ඍජුවම කතා කර සායනික ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් ලබා ගෙන ඇත. රජයේ නිල වෙබ් අඩවිය (23) පළකළ ප්රවෘත්තියක මේ බව සඳහන් වේ.
ක්ෂණික සහ අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ ක්‍රමවේදයන් සහ සම්ප්‍රදායන් ගණනාවක් තිබියදී මෙම හමුදා මැදිහත්වීම සිදු කර තිබේ. දෙරටේ රාජ්‍ය නායකයන් එකිනෙකා ඇමතීම, විදේශ අමාත්‍යවරුන් එකිනෙකා ඇමතීම සහ ඍජුවම තානාපති කාර්යාල හරහා ක්ෂණික මැදිහත්වීමේ ක්‍රියාමාර්ග ගත හැකිවීම යන මූලික ආකාර තුනම පැත්තකට දමා තිබේ.
-LT