Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී නව නිරෝධායන රෙගුලාසි නැවතත්

විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී නව නිරෝධායන රෙගුලාසි

විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී නව නිරෝධායන රෙගුලාසි

විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.

එම රෙගුලාසි 19වැනි දා සිට බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති නව උපදෙස් මාලාවට අනුව විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයකුම ගුවන් තොටුපොළේදී පී.සී.ආර් පරීක්ෂණයකට ලක්විය යුතු වේ.

අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් නිරෝධායනය වීමට සැලසුම් කරන හෝටලයේ හෝ ස්ථානයේ රැඳී සිටිය යුතු වේ.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයකු පී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයකු නොවන්නේ නම් දින 14ක් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව නව උපදෙස් මාලාවේ දැක්වෙන බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

පී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත නොවී පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති අයකු නම් දින 14ක කාලයක් නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව උපදෙස් මාලාවේ සදහන් වන බවද එම අමාත්‍යාංශ නිලධාරියා කියා සිටියේය.

Exit mobile version