Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ විනිමය නැතිව ජනතාව අවශ්‍ය බෙහෙත් හෝ ආහාර නැතිව මිය යනු ඇත – වෙළෙඳ ඇමැති

සතොස සුදුළුණු වංචාවක් වූ බව අවංකවම පිලිගන්නවා - වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

සතොස සුදුළුණු වංචාවක් වූ බව අවංකවම පිලිගන්නවා - වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

විදේශ විනිමය නැතිව මෙරටට ඖෂධ ආනයන කර ගැනීමට නොහැකි වනු ඇති බවත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වනු ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එනිසා කුමන තත්වයක් යටතේ වුවද ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව දිගටම පවත්වාගෙන යා යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

මෙරටින් අපනයන කරන ද‍්‍රව්‍ය රට නොවුවහොත් අවශ්‍ය කරන විදේශීය විනිමය රට තුළට ගෙන ඒමට හැකියාවක් නැති වනු ඇති බවත් පැවසූ ඔහු එසේ වුවොත් ජනතාවට අවශ්‍ය බෙහෙත් හෝ ආහාර නැතිව මිය යනු ඇති බවද කියා සිටියේය.

පවතින තත්වය යටතේ ඕනෑම වෙළඳසැලක් වසා දැමිය හැකි නමුත් ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නතර නොකරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

රට වසන තරමට බඩු මිල වැඩි වෙන එක නවත්ත බැරි බවත් එනිසා කඩසාප්පු තමන් වසා දැමුවද ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නොකරන නමුත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවත් පිටකොටුව කිසිම හේතුවක් නිසා වසා නොදමන බවත් ඔහු තවදුරටත් පැවසීය.

Exit mobile version