Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක් කොරෝනා ආසාදිතයෙකු නිසා නවසීලන්තය ම ලොක්ඩවුන් කරයි

කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් නවසීලන්තය දින තුනකට වසා දැමීමට (lockdown) එරට බලධාරීන් කටයුතු කර තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කළේ, මාස හයකට පසු නවසීලන්තයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණු පළමු අවස්ථාව මෙය බවය.
ඒ හේතුවෙන් එම ආසාදිතයා හඳුනා ගැනුණු ඔක්ලන්ඩ් නගරය සතියකට වසා දැමීමටත්, රටේ ඉතිරි ප්රදේශ දින තුනකට වසා දැමීමටත් නවසීලන්ත බලධාරීන් කටයුතු කර ඇත.

අදාළ ආසාදිතයා 58 හැවිරිදි පුද්ගලයෙකු ලෙස හඳුනා ගෙන තිබේ. නවසීලන්ත බලධාරීන් ප්රකාශ කළේ, මෙම කොවිඩ් රෝගියාට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්රභේදය යැයි උපකල්පනය කර ඉදිරි වැඩ කටයුතු කරමින් සිටින බවය.

නවසීලන්තයේ සමස්ත ජනගහනයෙන් 20%ක් මේ වන විට පූර්ණ එන්නතකරණයට භාජනය කර තිබේ. එරට අග්රාමාත්ය ජසින්ඩා ආර්ඩන් ප්රකාශ කර ඇත්තේ, රට වසා දමා ඇති කාල සීමාවේදී කොවිඩ් අවදානමේ 4 වන මට්ටම සඳහා පනවනු ලබන නීතිරීති ක්රියාත්මක කරනු ලබන බවත් ඒ අනුව පාසල්, කාර්යාල සහ සියලු ව්යාපාර ස්ථාන වසා දමා අත්යවශ්ය සේවා පමණක් ක්රියාත්මක කරන බවත් ය.

විදෙස් මාධ්ය වාර්තා කළේ, රට හදිසියේ වසා දැමීමත් සමග සුපිරි වෙළෙඳ සල්වලට ජනතාවට එක්රොක් වීම හේතුවෙන් දැඩි තදබදයක් දක්නට ලැබුණු බවය.

රට තුළින් කොරෝනා වෛරසය ඉවත් කිරීමේදී සාර්ථක වුණු නවසීලන්තය තවදුරටත් ඔවුන්ගේ ජාත්යන්තර දේශ සීමා සැලකිය යුතු ලෙස වසා දමා තිබේ.

Exit mobile version