Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්‍යවශ්‍යම තත්ත්වයක් ඇති වුව හොත් පමණක් ඇඳිරි නීතිය දානවා

රට තුළ ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය තුළ අත්‍යවශ්‍යම තත්ත්වයක් ඇති වුව හොත් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාවට නැංවීමට සිදු වන කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

ඇඳිරි නීතිය දැමිය යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශයක් කළහොත් ඒ අනුව රජය ක්‍රියාත්මක වන බවත් කොවිඩ් පාලනය සඳහා ඊට පෙර තිබෙන විසඳුම් වන එන්නත්කරණය යනාදිය සිදු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (10) පැවසුවේය.

ඇඳිරි නීතිය ගෙන ඒම සිදු කරනුයේ ආණ්ඩුව නොව ජනතාව විසින් ක්‍රියාත්මක වන ආකාරය තුළ ඇති වන ප්‍රවණතාවන් අනුව බව ද ඇමැතිවරයා කියා සිටියේය.

ජන ජීවිතය අඩාල කරමින් ඇදිරි නීතිය ක්‍රියාවට නැංවීම කෙරෙහි රජය මෙතෙක් අවධානය යොමු කර නැතැයි ද, ආයතනයන්හි රාජකාරී කටයුතු සිදු කිරීම සඳහා අවම පිරිසක් ගෙන්වා ගනිමින් සේවාවන් පවත්වාගෙන යන ලෙසට ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා කීය.

Exit mobile version