Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දී ප්‍රථම වරට සාර්ථක අක්මා බද්ධ සැත්කමක්

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දී ප්‍රථම වරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දී ප්‍රථම වරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දී ප්‍රථම වරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව සිදුකළ බව එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ප්‍රකාශ කළේය.

37 හැවිරිදි තරුණයකුට මෙම සැත්කම සිදුකළ බවත් සිරෝසිස් රෝගයෙන් පෙළුණු මෙම තැනැත්තාට ඉක්මණින් අක්මා බද්ධයක් සිදුකළ යුතුව තිබු බවත් කී වෛද්‍ය හේවගේ ඉකුත් 30 වැනිදා කළ සැත්කම සියයට සියයක් සාර්ථක බව අද තහවුරු කරගත් බව ද සදහන් කළේය.

මොළය මියගිය 62 හැවිරිදි පුද්ගලයකුගේ අක්මාව රාගම රෝහලේ දී ලබාගත් බවත් එය පැය ‍12කට ආසන්න වේලාවක් ගතවූ සැත්කමක් මගින් බද්ධ කළ බවත් අධ්‍යක්ෂවරයා කීය.

ජ‍යවර්ධනපුර රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරු පිරිසක් මෙම සැත්කම සිදු කළහ.

අක්මා බද්ධය අධික වියදම් සහිත සැත්කමක් වන අතර එය ඉන්දියාවේ දී සිදුකිරීමට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 120 ක් පමණ වැය වන සැත්කමකි. ජයවර්ධනපුර රෝහලේ දී මෙම පළමු සැත්කම කිසිදු අයකිරීමකින් තොරව නොමිලයේ සිදුකර තිබීම ද විශේෂත්වයකි.

සැත්කම සඳහා එක්වු වෛද්‍යවරුන් පහතින් දැක්වේ.

වෛද්‍ය රත්නසිරි හේවගේ – අධ්‍යක්ෂ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රුවන් දිසානායක – ජාතික රෝහල
වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ඔලිවර් පාතමන්පෙරුම – අවයව බද්ධ කිරීමේ ඒකකය – ජාතික රෝහල
අක්මාව, පිත්නාල හා අග්න්‍යාංශය සම්බන්ධ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ප්‍රභාත් කුමාරසිංහ – ජාතික රෝහල
අක්මාව හා ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත දිසානායක
විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සඳුන් බුලත්සිංහල – ජාතික රෝහල
නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවනී රාජසිංහ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
විකිරණ ශිල්පය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය බුද්ධි අබේවික්‍රම – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් පතිරගේ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අයේෂා අබේවර්ධන – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල

Exit mobile version