Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) පාර්ලිමේන්තු කොරෝනා පොකුරක් බිහි වෙයි ; ආණ්ඩුව හදන්නේ චෝදනා ගුරුවරු පිට දාන්න

(VIDEO) පාර්ලිමේන්තු පොකුරක් බිහි වන ලකුණු පාර්ලිමේන්තු මන්ත්‍රීන් කීප දෙනෙකුටම කොරෝනා; ආණ්ඩුව හදන්නේ ගුරුවරු පිට දාන්න බව චෝදනා

(VIDEO) පාර්ලිමේන්තු පොකුරක් බිහි වන ලකුණු පාර්ලිමේන්තු මන්ත්‍රීන් කීප දෙනෙකුටම කොරෝනා; ආණ්ඩුව හදන්නේ ගුරුවරු පිට දාන්න බව චෝදනා

පාර්ලිමේන්තු පොකුරක් බිහි වන ලකුණු;

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මන්ත්‍රීවරයා විසින් මේ බව සිය සමාජ මාධ්‍ය ජාලා ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී මේ බව තහවුරු වූ බවමන්ත්‍රීවරයා එහි සඳහන් කර ඇත.

පසුගිය අගෝස්තු මස 01 වෙනිදා සිට මේ දක්වා තමන්ව ආශ්‍රය කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසත් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා දැනුම් දී තිබේ.

තවද බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

මේ අතර, අද වනවිට කොරෝනා රෝගීන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, ආණ්ඩුව එම තත්ත්වය ගුරුවරුන් පිට දමා අත පිසදා ගැනීමට සූදානමින් සිටින බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කර සිටියේය.

පාර්ලමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රශ්න කර සිටියේ ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට කොරෝනා වැළදුණේ ගුරු උද්ඝෝෂණවලට සහභාගී වීමෙන් පසුවදැයි කියාය.

Exit mobile version