Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉම්රාන් ඛාන් ඔහුගේ නිල නිවස කුලියට දීමට තීරණය කරයි

ඉම්රාන් ඛාන් අගමැති නිල නිවස කුලියට

ඉම්රාන් ඛාන් අගමැති නිල නිවස කුලියට

පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි රතු කලාපයේ පිහිටි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස කුලියට දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පකිස්ථානය මේ වනවිට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඉන් ගොඩ ඒමට සහය වීමක් ලෙස අගමැතිවරයාගේ නිල නිවස මෙලෙස උත්සව කටයුතු සඳහා කුලියට දීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී සංස්කෘතික, විලාසිතා, අධ්‍යාපනික සහ වෙනත් උත්සව සඳහා කුලියට දීමට නියමිතය.

පසුගිය අඟහරුවාදා දිනයේදී රැස්වූ පාකිස්ථානයේ ෆෙඩරල් කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව තීරණය ගැන තිබේ. ඒ අනුව අගමැති නිවසේ පිහිටි ශ්‍රවණාගාරය, තට්ටු දෙකක පිහිටි ගොඩනැල්ලක් සහ තණකොළ සහිත පිට්ටනිය මෙලෙස කුලියට දීමට සැරසේ. උත්සව අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය නිල නිවසේ “විනය සහ සැරසිලි” උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීම සඳහා කමිටු දෙකක් පිහිටුවීමට නියමිත බවද පැවසේ.

පකිස්ථානයේ අගමැතිවරයා ලෙස ඉම්රාන් ඛාන් වැඩ භාර ගැනීමෙන් පසු ඔහුගේ පාලක පක්ෂය වන පී.ටී.අයි. පක්ෂය විසින් පසුගිය 2019 වසරේදී නිවේදනය කර සිටියේ අගමැතිවරයාගේ නිල නිවස උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත් කරනු ලබන බවයි. පසුගිය 2019 අගොස්තු සිටි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම නිල නිවසින් බැහැරව පෞද්ගලික නිවසක වාසය කරනු ලබන අතර එරට වියදම් කප්පාදු කිරීම සඳහා ඔහු විසින් ඉතාමත් දැඩි තීන්දු තීරණ රැසක් ගනු ලැබීය.

Exit mobile version