Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සතියක් තුළ කොරෝනා ආසාදිතයින් 11000ක්,මරණ 300ක් – අධි අවධානම් සහිත කලාප නම් කරයි

රටේ කොවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව පසුගිය සතියේ සිට සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතී.

පසුගිය සතිය තුළ පමණක් කොවිඩ් ආසාදිතයින් 11 529 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ කොවිඩ් මරණ ද 314ක් සිදු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් තහවුරු කර ඇත.

වර්තමාන තත්ත්වය බරපතල බවත් , තවද සියළු දෙනාගේ යහපත ගැන සිතා සඳහන් කළ වයස් සීමාවන් වල සිටින පුද්ගලයින් අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබා ගත යුතු බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර ඇත.

අවධානම් කලාප,

මෙලෙස දිනෙන් දින ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින මොහොතක කොවිඩ් ව්‍යාප්තියේ අධි අවධානම් සහිත කලාප සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් හඳුනාගෙන ඇත.

පසුගිය දින 14 තුළ සෑම සෞඛ්‍ය සේවා කොට්ඨාසයකම හඳුනා ගත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් මෙලෙස අවධානම් සහිත කලාප නම් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛය සේවා කොට්ඨාස 19ක් ද , ගම්පහ දිස්ත්‍රක්කයේ 15ක් ද , කළුතර දිස්ත්‍රික්කයේ 15ක් ද , කුරුණෑගල දිස්ත්‍රික්කයේ 23ක් ද , පුත්තලම් දිස්ත්‍රික්කයේ 13ක් ද , මහනුවර දිස්ත්‍රික්කයේ 23ක් ද , මාතලේ දිස්ත්‍රික්කයේ 12ක් ද , නුවර එළිය දිස්ත්‍රික්කයේ 13ක් ද ,කෑගල්ල දිස්ත්‍රික්කයේ 11ක් ද , රත්නපුර දිස්ත්‍රික්කයේ 17ක් ද , යාපනය දිස්ත්‍රික්කයේ 14ක් ද , කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 04ක් ද , මන්නාරම දිස්ත්‍රික්කයේ 04ක් ද , මුලතිව් දිස්ත්‍රික්කයේ 05ක් ද , වවුනියා දිස්ත්‍රික්කයේ 03ක් ද , අම්පාර දිස්ත්‍රික්කයේ 07ක් ද , මඩකලපුව දිස්ත්‍රික්කයේ 13ක් ද , කල්මුනෙයි ප්‍රදේශයේ 13ක් ද , ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ 08ක් ද , අනුරාධපුර දිස්ත්‍රික්කයේ 19ක් ද , පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 08ක් ද , බදුල්ල දිස්ත්‍රික්කයේ 16ක් ද , මොණරාගල දිස්ත්‍රික්කයේ 11ක් ද , ගාල්ල දිස්ත්‍රික්කයේ 20ක් ද , හම්බන්තොට දිස්ත්‍රික්කයේ 12ක් ද , මාතර දිස්ත්‍රික්කයේ 17ක් ද ආදී වශයෙන් සෞඛ්‍ය සේවා කොට්ඨාස අවධානම් කලාප ලෙස නම් කර ඇත.

Exit mobile version