Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෙඩි තබා ඝාතනය කරන ලද මාධ්‍යවේදී සහාදේවන්ගේ අනුස්මරණ උත්සවය

වෙඩි තබා ඝාතනය කරන ලද මාධ්‍යවේදී සහාදේවන් නිලක්ෂන්ගේ 14 වැනි අනුස්මරණ සැමරුම 01වන දින යාපනයේදී පැවැත්විණි.

යාපනය මාධ්‍යවේදී සංගමයේ පැවති අනුස්මරණ සැමරුමේ මාධ්‍යවේදී නිලක්ෂන්ගේ ඡායාරූපයට මල් මාල පළඳා , පුෂ්පෝපහාර දක්වා, පහන් දල්වා අනුස්මරණය කර ඇත.

මෙම අනුස්මරණ උත්සවයේ සහාදේවන් නිලක්ෂන්ගේ දෙමාපියන්, ඥාතීන්, මිතුරන් සහ මාධ්‍යවේදීන් රැසක් මෙම උත්සවයට සහභාගී වී අනුස්මරණය කරන ලදී.

යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය සම්පත් පුහුණු මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යන සිසුවෙක් ද , සාරලම් සඟරාවේ කර්තෘද , යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය මණ්ඩලයේ හිටපු සභාපති ද වන සහාදේවන් නිලක්ෂන් 2007 වසරේ අගෝස්තු මස 01 වන දින වෙඩි තබා ඝාතනය කරන ලදී.

ඔහු තම නිවසේ සිටියදී උදෑසන 5 ට පමණ තුවක්කුකරුවන් විසින් නිලක්ෂන්ව නිවසෙන් පිටතට ගෙන්වා ඔහුගේ දෙමාපියන් ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ බව සඳහන් වේ.

Exit mobile version