Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනගහනයට සාපේක්ෂව කොවිඩ් මර්දන එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ලොව පළමු ස්ථානයට

කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක්

කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක්

ජනගහනයට සාපේක්ෂව කොවිඩ් මර්දන එන්නත්කරණය අතින් ගත වූ දින හත තුළ ශ්‍රී ලංකාව ලොව පළමු ස්ථානයට පත්ව ඇත.

ජූලි 29 වනදා දක්වා ගත වූ එම දින හතේදී එන්නත්කරණයෙන් ලොව දෙවන ස්ථානය ඉක්ව‍දෝරය හිමි කරගෙන ඇත. චීනයට තෙවන ස්ථානය හිමි වී තිබේ.

මෙරට එන්නත්කරණ වාර්තාව යළි අලුත් කරමින් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (ජූලි 29) එන්නත් මාත්‍රා 515,830ක් ලබාදී ඇත.

එහිදී සිනොෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව පමණක් පුද්ගලයන් 418,494 දෙනෙකුට ද එහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 56,738කට ද ලබාදී ඇති අතර ෆයිසර් එන්නත් මාත්‍රා 38,430ක් සහ මොඩර්නා මාත්‍රා 2,168ක් ද එදින ලබාදී තිබේ.

ඒ අනුව, ලබාදී ඇති කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ගණනින් සියයට 79.28ක් එනම් 9,176,738ක් පළමු මාත්‍රාව ද, සියයට 17.97ක් එනම් 2,065,980ක් දෙවන මාත්‍රා ලෙස ද ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Exit mobile version