Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් එන්නත්කරණ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු ඉල්ලා අස්වෙයි

අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් සිවුවන මාත්‍රාව 09දා සිට

අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් සිවුවන මාත්‍රාව 09දා සිට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ්-19 එන්නත්කරණ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු ඉල්ලා අස් වී තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය ලබා දීමෙන් පසුව මෙම සාමාජිකයින් ඉල්ලා අස් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

සාමාජිකයින් 08 දෙනෙකුගෙන් යුත් අදාළ කමිටුවේ ඉල්ලා අස් වී ඇත්තේ වෛද්‍ය රජීවද සිල්වා, වෛද්‍ය කාන්ති නානායක්කාර සහ මහාචාර්ය චන්න රණසිංහ යන අයයි.

ඉල්ලා අස්වීමට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ, චීන නිෂ්පාදනයක් වන සිනොවැක් එන්නතට අනුමැතිය ලබාදීමට තමන් විරුද්ධ වී තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා දීම බවයි.

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ, සිනොවැක් එන්නත දුර්වලතම එන්නතක් බව කොවිඩ්-19 එන්නත පිළිබඳ විශේෂඥ කමිටුව නිගමනය කර ඇති බව වාර්තා වනවා.

සිනොවැක් එන්නතේ මාත්‍රා 02ක් ලබා දී මාස 06 කට පසුව තෙවන එන්නතක් ද ලබා දිය යුතු බවයි එම වාර්තා තවදුරටත් පෙන්වා දෙන්නේ.
-lnw

Exit mobile version