Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එන්නත් ආනයනය කිරීමේදී දුෂිත ගණුදෙනුව : බ්‍රසීල ජනාධිපති Jair Bolsonaroට එරෙහිව ජනතාව පාරට

එන්නත් ආනයනය කිරීමේදී දුෂිත ගණුදෙනුව : බ්‍රසීල ජනාධිපති Jair Bolsonaroට එරෙහිව දහස් ගණනාවක ජනතාවක් පාරට

එන්නත් ආනයනය කිරීමේදී දුෂිත ගණුදෙනුව : බ්‍රසීල ජනාධිපති Jair Bolsonaroට එරෙහිව දහස් ගණනාවක ජනතාවක් පාරට

බ්‍රසීල ජනාධිපති Jair Bolsonaroට එරෙහිව Covaxin එන්නත් මිලියන 20ක් ඩොලර් මිලයන 270ක මිලකට ආනයනය කිරීමේදී ඉන්දියන් සමාගමක් වන Bharat Biotech සමග ගිවිසුම් ගැසීමේදී අල්ලස් ගැනීම හා මිල වැඩි (එන්නතකට ඩොලර් 13ක් බැගින්) අයථා ගෙවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. අදාල පාර්ලිමේන්තු කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් සෞඛ්‍ය අමත්‍යංශ නිලධාරීන් මෙම දුෂිත ගණුදෙනුව Jair Bolsonaroගේ පුර්ණ දැනුවත්භාවය මත සිදුවූ සිදුවීමක් ලෙස පිළිගෙන තිබෙනවා.

මේ අතර පසුගිය සෙනසුරාදා බ්‍රසීලයේ දහස් ගණනාවක ජනතාවක් පාරට බැස Jair Bolsonaroට ඉල්ලා අස්වන ලෙස බලකර සිටිනවා. බ්‍රසීලයේ ජනාධිපතිවරණය 2022දී පැවැත්වීමට නියමිත අතර මේ වනවිට දුෂණ චෝදනා එල්ලවී නිදහස් වී සිටින වමේ හිටපු ජනාධිපති Lula da Silva නැවත පත්වීමට විශාල ඉඩක් ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට බ්‍රසීලයේ ජනගහනයෙන් මිලියන 17කට රෝගය වැළඳී තවත් 544000ක් මිය ගොස් ඇත. රතු ඉන්දියානු ජනතාවට එරෙහිව ජාතිවාදය අවුස්සමින් බලයට පැමිණි Jair Bolsonaroට එරෙහිව මේ වනවිට එන්නත් වංචාවක් පිළිබඳව චෝදනා එල්ල වී ඇත. ඒ අතර එරට සිදුකරන ලද නවතම මත විමසුමකදී ජනතාවගෙන් 54%ක ප්‍රමාණයක් Jair Bolsonaro 2022 ජනාධිපතිවරණයේදී ගෙදර යැවීමට තම කැමැත්ත පළකර ඇති බව වාර්තා වනවා.

Jair Bolsonaro යනු එරට හමුදාවට සොල්දාදුවෙකු ලෙස ඇතුළුවී අළුගෝසුවෙකු හා විරුද්ධමතවාදීන් දඩයම් කිරීමට ගෝනිබිල්ලෙකු ලෙස ක්‍රියාකිරීම නිසා උසස් වීම් ලබා ජෙනරල්වරයෙකු බවට පත් මිනීමරුවෙකු ලෙස සැලකේ. ඔහුගේ පාලන කාලය තුල පවුල් පාලනය, වංචා දූෂණ, විරුද්ධවාදීන් මර්ධනය මෙන්ම සුප්‍රකට බහු ජාතික සමාගම් සඳහා අමසෝන් වනය ගිනිතැබීම යන බරපතළ චෝදනා වලට ලක්වී ඇති පාලකයෙකි.

එසේම කොරෝනා වසංගතය දඩමීමා කරගනිමින් ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන වලින් මුදල් ලබාගැනීමට ක්‍රියා කිරීම හා ආර්ථිකය පවත්වාගැනීමට යයි පවසමින් රට විවෘත කර තැබීම හේතුවෙන් පුද්ගලයින් 90000ක් මරණයට පත්කරලීම මත ජන සංහාරක චෝදනාද එල්ල වී ඇත. එන්නත් හා මාස්ක් පැලඳීම ප්‍රතික්‍ෂේප කරමින් රෝගය රට තුළ පැතිරවීමට ක්‍රියා කිරීම පිළිබඳවද ඔහුට එරෙහිව මේ වනවීට එරට පාර්ලිමේන්තුව තුල කොමිසමක් ඉදිරියේ විභාගයක් පැවැත් වීමට නියමිතයි.

Exit mobile version