Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සැප්තැම්බර් පළමුවනදා තෙක් හරීන්ට නිදහසක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රනාන්දු මහතා ලබන සැප්තැම්බර් පළමුවනදා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.

නීතිපතිවරරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ
ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශන පදනම් කරගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවද එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටද හරීන් ප්‍රනාන්දු මහතා ගොණුකර ඇති පෙත්සම අද යළි කැඳවු අවස්ථාවේදීයි.

කුමුදුනී වික්‍රමසිංහ,ප්‍රියන්ත ජයවර්ධන සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම සළකා බැලෙනවා

Exit mobile version