Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකන් සමාගම රුපියල් කෝටි 5800ට වැඩි මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට තියනවා – ගම්මන්පිල

දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය ශ්‍රී ලංකන් ගුවන් සේවයට

දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය ශ්‍රී ලංකන් ගුවන් සේවයට

ශ්‍රී ලංකන් සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පන් දහස් අටසියයකට වැඩි මුදලක් ගෙවීමට ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අදාළ හිඟ මුදල මේ වර්ෂයේ අප්‍රේල් මස සිට සමාන මාසික වාරික දොළහකින් ගෙවීමට ශ්‍රී ලංකන් සමාගම එකඟවී ඇති බවත් ගුවන් තෙල් සැපයීමේ ඉදිරි ගිවිසුම් අත්සන් කිරීමේදී රුපියල් කෝටි 600ක වටිනාකමකින් යුතු බැංකු ඇපකරයක් ලබාගැනීමට කටයුතු යොදා ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් අය අයවිය යුතු හිඟ මුදල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති අමාත්‍ය අනුකමිටුවේ මැදිහත්වීම සහිතව අයකරගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් පවතින බවයි ඔහු කියන්නේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩි මිලට ඉන්ධන මිලදී ගෙන අඩු මිලට ලබා දීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලාභ ලැබීමට මූලික හේතුව බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියන්නේ.

Exit mobile version