Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

( Video ) මේ විහිළු ඇමතිකම් හැදුවෙත් බැසිල්ම තමයි – දයාසිරි ජයසේකර

වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ, ජනතාවගේ හාස්‍යයට ලක්වුණු ඇමතිකම් නිර්මාණය කර එම ඇමති ධුරවලට මන්ත්‍රීවරු පත් කළේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යැයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර චෝදනා කරයි.

මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පවසන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර,

“මේ ඇමති ධූර හැදුවෙ බැසිල් රාජපක්ෂ මැතිතුමා. මේ ඇමති ධුරවලට මිනිස්සු පත් කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඔය හදලා තියෙන මැටි ඇමතිකම්, කුරුඳු ගම්මිරිස් ඇමතිකම් ඒ වගේ විහිළුවලට ලක්වෙච්ච විශේෂයෙන් ඔබ තුමාලා ම කියපු බතික් ඇමතිකම් මට දීල තියෙන, මේ ඔක්කොම විහිළු ඇමතිකම් හැදුවෙ බැසිල් රාජපක්ෂ මැතිතුමායි පී.බී. ජයසුන්දර මැතිතුමායි.

අපිව පැත්තකට කරල වැඩක් ගන්නෙ නැතුව තියල තියෙන්නෙත් ඒ අයම තමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙවෙයි මේක.”

මේ පිළිබඳව සම්පුඋර්ණ වීඩියෝව පහතින් නරඹන්න

Exit mobile version