Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටේ ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක්!

ආහාර ගබඩා කර ආරක්ෂා කරන බව පවසමින් බලයට පත් වූ රජය, රසායනික පොහොර ආනයනය අනුවණ ආකාරයෙන් අත්හිටුවා ඇති බව ප්‍රකාශ කළ ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා, මේ නිසා තව මාස කිහිපයකින් රටේ ආහාර හිඟයක් ඇති වේවි යැයි පැවසීය.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අදහස් දැක්වූ ඔහු , පොහොර ආනයනය නවතා ආහාර නිෂ්පාදනය වර්ධනය කරන ආකාරය මෙම රජය පෙන්වා දී ඇති බව පැවසීය.

“ආහාර පමණක් නොව මෙතෙක් ඉන්ධන පිරිපහදු කිරීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ක්‍රියාත්මක කළහ. නමුත් දැන් එම කාර්යය විදේශ ආයෝජකයින්ට ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ ද අර්බුදයක් හා තර්ජනයක් ඇති කර තිබේ ” යැයි පැවසීය.

සෞඛ්‍ය ආරක්ෂාවද නැතිව ගොස් තිබේ. තවද රටේ මූල්‍ය කළමනාකරණ පිරිහී ගොස් අවසානයේ බංගලාදේශයෙන් ද ණයක් ගත් බව පැවසූ ඔහු, මේ රජය පිළිබඳ ජනතාවගේ විශ්වාසය අහිමි වී ඇති හෙයින් රජය ඉල්ලා අස්වීම වඩාත් සුදුසු යැයි වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version