Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව මිනීමැරු රොබෝ යන්ත්‍රයක්, විද්‍යාව සහ තාක්ෂණයේ සාහසික පැතිකඩ ද?

නියමුවන් රහිත ගුවන් යානා සහ හරහා ක්‍රියාත්මක වන මිනීමැරුම් ගැන අපි අසා ඇත්තෙමු. නමුත් ඒ සියලු ප්‍රහාරයන් වල කවර හෝ මිනිසකු එක අන්තයක සිට සෘජු ලෙස අණ දෙන කාර්ය නිරතවෙයි. නමුත් අප වෙත අනාවරණය වී ඇති තොරතුරු අනුව කෘතිම බුද්ධිය භාවිතා කරමින් ස්වයංක්‍රීය ලෙස ඉලක්කයක් හඳුනා ගැන ප්‍රරහාර එල්ල කළ හැකි කුඩා ප්‍රමාණයේ quadrocopter වර්ගයේ නියමුවන් රහිත ගුවන් යානයක් විසින් ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයකු මරා දැමීමේ සිද්ධියක් ලිබියාවේ වාර්තා වේ.

ලිබියාවේ එක්සත් ජාතීන්ගේ පිළිගැනීමට ලක්ව ඇති රජයක් සහ, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සෞදි රාජ්‍යය, ඊජිප්තුව වැනි රටවල් වල සහයෝගය ලැබි කලීෆා හෆ්තර් නැමැති ත්‍රස්තවාදී කණ්ඩායමක් යුද්ධයක නිරත වෙමින් සිටී. මෙහිදී ලිබියාවට පක්ෂපාතී ලෙස තමන්ගේ යුද ශක්තිය භාවිතා කරන තුර්කි හමුදාව විසින් ඔවුන්ගේ ම නව නිපැයුමක් වූ මෙම මිනීමරු රොබෝ යන්ත්‍රය භාවිතා කර ත්‍රස්තවාදියෙක් මරා දමා ඇත.

මෙවැනි රොබෝ යන්ත්‍රයක් භාවිතාවට ඒමෙන් ස්වයංක්‍රීය අවි පිළිබඳ නව නීති සහ රෙගුලාසි කතිකාවක් ආරම්භ වී ඇත. මෙවැනි අවි සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බවට Human rights watch ආයතනය ඉල්ලා සිටින අතර ඇමරිකානු එක්සත් ජනපදය රුසියාව වැනි බලවත් රාජ්‍යයන් එම ඉල්ලීමට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

Exit mobile version