Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය එකඟ වූ පරිදි ඉන්දියාවේ අදානි සමාගමට

ඉන්දියාවේ අදානි සමාගමට 51%ක්ද, එහිම දේශීය නියෝජිතයා බව කියන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට 34%ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක්ද වශයෙන් අවසාන කොටස් හිමිකම පවරාදෙන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය පිළිබඳ මූලික එකඟතා ලිපියට (The letter of intent) පසුගිය මැයි 03 වැනිදා අත්සන් තබා තිබෙනවා.
ඒ සඳහා වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් (පෞද්) සමාගම නමින් ඒකාබද්ධ සමාගමක් ද පිහිටුවා තිබෙනවා.
මිට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් වූ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට පවරා දීමටයි ආණ්ඩුව සැලසුම් කළේ. එහෙත් ඊට එරෙහිව ගොඩනැගුණු ප්‍රභල මහජන විරෝධය හමුවේ අකමැත්තෙන් වුවත් ඒ සැලසුම අතර මග නතර කර දැමීමට ආණ්ඩුවට සිදු වුණා.

Exit mobile version