Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හමුදාපති වරයාගේ භූමිකාව මේ මොහොතේ සෞඛ්‍ය බලධාරීන්ට ඉඩදිය යුතුයි – ඩිලාන් පෙරේරා

රනිල්, බැසිල් ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුනා - ඩිලාන් පෙරේරා

රනිල්, බැසිල් ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුනා - ඩිලාන් පෙරේරා

හමුදාපති වරයාගේ භූමිකාව මේ මොහොතේ සෞඛ්‍ය බලධාරීන්ට ඉඩදියයුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලයිස්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි. ඔහු මේ බව පැවසූවේ (24) හිරු රූපවාහිනී නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනට එක්වෙමිණි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ඩිලාන් පෙරේරා…

“හමුදා පතිවරයා කියන එක වෙනුවෙන් මට පෙනී ඉන්න බැහැ. මොකද එතුමා හමුදාපතිවරයා. මේ කොවිඩ් රැල්ල පළවෙනියට ආපු වෙලාවේ එහෙම හමුදාවේ රණවිරුවොත් එක්ක එතුමා යම් වැඩකොටසක් එහෙම කළා.

දැන් මෙහෙමයි. වසංගත තත්වය අලුත් එකක් නේ. මට හිතෙනවා, සෞඛ්‍ය බලධාරීන් නොවන බලධාරීන්ටත් කරන්න පුළුවන් සීමාව දැන් උපරිමේ කරල තියෙන්නේ කියලා. මම හිතනවා දැන් තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන් සහ කැබිනට් මණ්ඩලය, රටේ ප්‍රධාන තීන්දු ගන්නා ආයතනය හැටියට ඒ දෙගොල්ලො එකතුවෙලා දැන් වහ වහා තීන්දු ගතයුතුයි.”

Exit mobile version