Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) ආණ්ඩුව හොරාට පෝට් සිටි පනත සම්මත කර ගැනීමට සූදානම් වෙනවා – අනුර කුමාර දිසානායක

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි

ජනතාව බියට පත්වී සිටින මොහොතක වරාය නගර කොමිෂන් සභා පනත එළඹෙන 19 – 20 දෙදින තුළ විවාදයට ගෙන සම්මත කර ගැනීමට (13) සවස පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව තීරණය කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස සිය විරෝධය පළ කරයි. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මේ පිළිබඳව අදහස් දක්වමින් නිකුත් කර තිබෙන වීඩියෝ පටයක මේ බව සඳහන් වේ.

“මෙවැනි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා නම් සමාජය තුළ විශාල කතා බහක් ඇති විය යුතුයි. නමුත් කොවිඩ් තත්වය නිසා සමාජයේ එවැනි ඉඩකඩක් නැහැ. රැස්වීම් පවත්වන්න, මහජනතාවට අදහස් දක්වන්න බැරි වෙලාවක, ජනතාව බියට පත්වෙලා තැති ගැන්මකට ලක්වෙලා ඉන්නේ. තමන්ගේ ප්‍රධානම දේ බවට පත්වෙලා තිබෙන්නේ ජීවිතාරක්ෂාව කියන තැනට තල්ලු වෙලා තිබෙන වෙලාවක ආණ්ඩුවක් උත්සාහ කරනවා නම් මෙවැනි ගණයේ බරපතළ පනතක් සම්මත කර ගන්න ඒකෙන් පෙන්නුම් කරන්නේ මේ ආණ්ඩුව ජනතාවට කොයි තරම් ගෞරව කරනවාද, ජනතාවගේ හඬ කොතෙක් දුරකට නියෝජනය කරනවාද මේ ජනතාවගේ ජනවරම කොයිතරම් දුරට නියෝජනය කරනවාද කියන ප්‍රශ්නය.”

එම පක්ෂ නායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය පළ කළද ආණ්ඩුවේ සුපුරුදු ගෝරනාඩුවෙන් විපක්ෂයේ අදහස්වලට කන් නොදී මෙම විවාදයට දින තීරණය කර ගත් බවත් ඒ අනුව විවාදයෙන් පසුව එය සම්මත කර ගැනීමට සූදානම් වන බවත් පවසා ඇත.

 

Exit mobile version