Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා එන්නත ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!

එන්නත් කිරීම කොරෝනා රෝගය වළක්වා ගැනීමේ සහතිකයක් නොවන බවටත්, ඉන්දියාවේ ව්‍යාප්ත වන B.1.617 ප්‍රභේදය ඇතැම්විට එන්නතට ප්‍රතිචාර නොදැක්විය හැකි බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් විදේශ ප්‍රවෘත්ති ඒජන්සියකට පවසා ඇත්තේ B.1.617 ප්‍රභේදයේ වසංගත රෝග ලක්ෂණ මුල් වෛරසයට වඩා මාරාන්තික බවත්, එය ඉක්මණින් සම්ප්‍රේෂණය වන බවය.

ඉන්දියානු ප්‍රභේදය දැනටමත් ශ්‍රී ලංකාවේදී හඳුනාගෙන ඇති අතර තවත් ප්‍රභේද ගණනාවක් තිබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් ආයතනයද කියා සිටියේ එන්නත යනු වෛරසයෙන් ආරක්ෂා වීමේ සහතිකයක් නොවන බවකි.

යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිමාද පැවසුවේ යම් පුද්ගලයකුට එන්නත ලබා දීමෙන් පමණක් එම පුද්ගලයා වයිරසයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත යැයි කිව නොහැකි බවකි.

Exit mobile version