Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීන සයිනොෆාම් එන්නත ලංකාවේදීම හදන්න සාකච්ජා

චීන එන්නත ලංකාවේදීම හදන්න යයි

චීන එන්නත ලංකාවේදීම හදන්න යයි

චීන සයිනොෆාම් එන්නත ලංකාව සමග එක්ව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ජා සිදුවෙමින් පවතින බව චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කර තිබේ.

චීන තානාපති කාර්යාලය වෙත යොමු කර තිබුණු ට්වීටර් පණිවිඩයක, සයිනොෆාම් එන්නතින් එන්නත් මාත‍්‍රා මිලියන 10 හෝ 12ක් ලබා දිය හැකිදැයි විමසා තිබුණු අතර, ඊට ප‍්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලය පවසා ඊටත් වඩා ලොකු සිහිනයක් දැකීමට දැන් කාලය උදා වී ඇති බව සදහන් කොට ඇත.

චීන සයිනොෆාම් එන්නත මෙරට සමග එක්ව මේ රට තුළ නිෂ්පාදන කිරීම සම්බන්ධයෙන් දෙරටම සලකා බලමින් සිටින බව චීන තානාපති කාර්යාලය එහිදී පවසා තිබේ.

Exit mobile version