Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) වඩමාරච්චි සටන සහ ප්‍රභාකරන් සම්බන්ධ දේශපාලන ගේම් එකක් ගැන ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

වඩමාරච්චි සටන නවතා දමන ලෙසට ඉහළින් නියෝග එද්දී එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ ආසන්නව සිටි බව මෙතෙක් කල් පැවැති මතය අසත්‍යයක් බව කී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒ වනවිට ප්‍රභාකරන් වඩමාරච්චි ප්‍රදේශයේ නොසිටි බව තම විශ්වාසය බවට, (28) දින පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදයෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම වඩමාරච්චි සටන පැවතියේ විනාඩි 30ක් පමණක් බවද, ඒ විනාඩි 30 ඇතුළත ද සොල්දාදුවන් 30ක් පමණ මියගිය බවද කී ඒ මහතා ඒ වනවිට ‌ප්‍රභාකරන් සිටියේ යාපනයේ බවද සදහන් කළේය.

ඒ අනුව සටන නවතා දැමුණු බවත්, එවක සිටි හමුදා ජ්‍යෙෂ්ඨයන් සහ ‌දේශපාලකයන් යාපනයේ යාමට නොහැකි බැවින් වෙනත් කතා නිර්මාණය කළ බවද ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version