Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 70ක් ආණ්ඩු පාලනය කරපු රටේ තවමත් තියෙන්නේ ICU ඇඳන් 700යි: කොරෝනා පාලනය ගිලිහිලා – විපක්ෂය

අවුරුදු 70ක් ආණ්ඩු පාලනය කරපු රටේ තවමත් තියෙන්නේ ICU ඇඳන් 700යි; ආණ්ඩුවේ වරදින් කොරෝනා පාලනය ගිලිහිලා - විපක්ෂය

අවුරුදු 70ක් ආණ්ඩු පාලනය කරපු රටේ තවමත් තියෙන්නේ ICU ඇඳන් 700යි; ආණ්ඩුවේ වරදින් කොරෝනා පාලනය ගිලිහිලා - විපක්ෂය

මාරුවෙන් මාරුවට අවුරුදු 70ට වැඩි කාලයක් ආණ්ඩු පාලනය කරපු රටේ අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර ගන්න මේ වෙනකොට තිබෙන්නේ ICU ඇඳන් 700ක ප්‍රමාණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්:

“ඊයේ තමයි ලංකාවේ වැඩිම කොරෝනා රෝගීන් හඳුනාගත් දිනය. කොරෝනා රෝගීන් වාර්තා වන්නේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සාපේක්ෂවයි. පහුගිය කාලේ ආණ්ඩුව පීසීආර් පරීක්ෂණ අඩු කළා. ඒ නිසා රෝගීන් අඩුවෙන් වාර්තා වුණා. පසුව ඊයේ පෙරේදා ආණ්ඩුව තීරණය කළා දිනකට පීසීආර් 15,000 සිදුකළ යුතුයි කියලා. නමුත් ඒ ප්‍රමාණය කරන්නේ නැහැ. පීසීආර් වැඩි කළ නිසා ගම්වලින් පවා රෝගීන් වාර්තා වීමට පටන් ගත්තා. ඒ වගේම අද වන විට දිනකට මිය යන රෝගීන් ප්‍රමාණයත් වැඩිවෙලා තිබෙනවා. කණගාටුවට කරුණ වන්නේ මාවනැල්ල රෝහලේ අයි.සී.යූ. බෙඩ් එකක් නොමැතිව රෝගියෙකු මිය යෑමයි. ලංකාවේම අයිසීයූ බෙඩ් තිබෙන්නේ 700කට ආසන්න ප්‍රමාණයක්. අවුරුදු ගාණක් රට පාලනය කරපු ආණ්ඩුවලට බරපතළ රෝගීන් බේරාගැනීමට අවශ්‍ය අවම පහුසුකම් ටික හදල දුන්නේ නැහැ. ඔවුන් ඒකට අසමත් වෙලා තිබෙනවා.

පසුගිය දවසක ජනාධිපතිවරයා ‘ගම සමඟ පිළිසඳර’ වැඩ සටහනකට මීමුරේ ගිය වේලාවේ ගම්වාසියෙකු කිව්වා එම පළාතේ රෝහලට පීසීආර් යන්ත්‍රයක් නැහැ කියලා. ජනාධිපතිතුමා කිවුවේ මේ වෙලාවේ පීසීආර් නෙවෙයි වැදගත් එන්නත දීම තමයි වැදගත් කියලා. එන්නත තමයි උත්තරේ කියලා. රටේ ප්‍රධානියා පීසීආර් වැඩක් නැහැ කියනකොට සියලු බලධාරීන් සෞඛ්‍ය අංශ පීසීආර් අතහරින එක පුදුමයක් නෙවෙයි. ඇත්තම කතාව මේ ආණ්ඩුව කොරෝනා සම්බන්ධ අවධානය අතහැරියා; නිදැල්ලේ යන්න ඇරියා. ආණ්ඩුව නිතරම උත්සහ කළේ කොරෝනා රෝගීන් සහ මරණ අඩුවෙනවා කියලා ඒත්තු ගන්වන්න. ඒ වෙනුවෙන් පීසීආර් ප්‍රමාණය අඩු කළා. ජනතාවත් අවදානම නොසලකා හැරියා. සංචරණය සීමා කර ගත්තේ නැහැ. අවුරුදු උත්සව සමයේ ජනතාව හැසුරුණ විදිය අපි දැක්කා. වෛද්‍යවරු කියා සිටියා, අවුරුදු සමයෙන් පසුව කොරෝනා වැඩි වෙන්න පුළුවන් කියලා. නමුත් ආණ්ඩුව ඒවා නොසලකා හැරියා. විෂය භාර ඇමතිතුමිය කියනවා සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරලා සංචරණ සීමා ඇති කරන්න කියලා කියූ නමුත් එම යෝජනාව පරාජය වුණා කියලා. ඇය තමයි මේ විෂය භාර ඇමතිතුමිය. එතුමියට ඉහළින් කවුද මේ තීන්දු ගන්නේ. එතන බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා.

ආණ්ඩුවේ වරදින් කොරෝනා පාලනය ගිලිහිලා

මේ අතර ආණ්ඩුවේ වරදින් කොරෝනා පාලනය ගිලිහී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

රක්ෂණ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්‍යාලයේ දී පැවැති අතර එහිදී විපක්ෂ නායකතුමා මේබව පැවසීය.

Exit mobile version