Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය යුද නෞකාවක් හදිසියේම ලංකාවට

රන්විජේ ඉන්දීය යුද නෞකාව හදිසියේම ලංකාවට

රන්විජේ ඉන්දීය යුද නෞකාව හදිසියේම ලංකාවට

රාජ්පුත් පන්තියේ පස්වන යුධ නෞකාව වන ඉන්දීය නාවික හමුදාවේ රන්විජේ නෞකාව සුහද සංචාරයක් සඳහා (14) දින ලංකාවට පැමිණියේය. 16 වැනි දින දක්වා මෙම යුද නැව ලංකාවේ නැංගුරම් ලා ඇති බව පැවසේ.

Anti Submarine Warfare capable Guided Missile Destroyer වර්ගයේ මෙම නෞකාව ඉන්දියාව විසින් ෂ්පාදනය කරන ලද Bramhos සුපර් සොනික් මිසයිල වලින් ද සමන්විතය.

ඉන්දීය නාවික හමුදා නෞකාවේ සංචාරය නව අවුරුදු සමයේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එකමුතුභාවයේ සහ සමඟියේ පණිවිඩය සංකේතවත්කරමින් ඔවුන්ගේ ආරක්ෂාව, නිරෝගීභාවය සහ ප්‍රීතිය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් ගෙන එයි.

මෙම නෞකාව කපිතාන් නාරායනන් හරිහරන් මහතා විසින් මෙහෙයවනු ලබන අතර ඔහු බටහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර්
අද්මිරල් ඩබ්. ඩී. ඊ. එම්. සුදර්ශන මහතා හමු වනු ඇති අතර 2021 අප්‍රේල් 15 වන දින ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට සිය උපහාරය පුද කරනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආරක්ෂක ක්ෂේත්‍රය තුළ දිගු කලෙක සිට සමීප සහයෝගීතාවයක් පවත්වාගෙන යනු ලබයි. දෙරට නාවික හමුදාවන් අන්‍යෝන්‍ය සුබසිද්ධියට හේතු වන පුහුණු සහ ධාරිතාවයන් ගොඩනැගීමේ කර්තව්‍යයන්හිලා සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.

මෙම සුහද නෞකා සංචාරය මිත්‍රශීලී සහ සමීප අසල්වැසි රාජ්‍යයන් දෙක අතර සමීප සමුද්‍රීය සහ ආරක්ෂක සහයෝගීතතාවය ශක්තිමත් කිරීමෙහිලා ඉවහල් වන තවත් පියවරකි.

BAY OF BENGAL (April 14, 2012) – Indian navy guided-missile destroyer INS Ranvijay (D55) steams in formation during Exercise Malabar 2012. U.S. Navy Carrier Strike Group (CSG) 1 is participating in the annual bi-lateral naval field training exercise with the Indian navy to advance multinational maritime relationships and mutual security issues. (U.S. Navy photo by Mass Communication Specialist Seaman George M. Bell)

Exit mobile version