Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීන කොරෝනා එන්නත විෂ එන්නතක් – ලක්ෂ්මන් කිරිඇල්ල

චීන එන්නත ලංකාවේදීම හදන්න යයි

චීන එන්නත ලංකාවේදීම හදන්න යයි

“ජාතික සෞඛ්‍යය නියාමන කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් අස්කලේ චීන එන්නත ලංකාවට ගෙන ඒමට විරුද්ධ උන නිසාද? චීන කොරෝනා එන්නත විෂ එන්නතක්” පෙරේදා (06) සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්ණ වටයෙදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කලේය.

ජාතික සෞඛ්‍යය නියාමන කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් වන මහාචාර්ය අසිත ද සිල්වා, වෛද්‍ය පාලිත අබේකෝන්, ලක්කුමාර ප්‍රනාන්දු, කේ.එම්.ජී හේරත්, වෛද්‍ය කපිල රණසිංහ යන මේ අය ඔබතුමිය අස් කරනවා. මේ අය හොද අග්‍රගණයේ වෛද්‍යවරු, මේ අයට විශාල අපහාසයක් කරලා තියෙන්නේ. මම අහන්න කැමතියි මොන හේතුවක් මතද අස් කෙරුවේ? මේ සම්බන්ධයෙන් වෛද්‍යවරු විශාල කැලඹීමක ඉන්නේ.

අපිට ලැබෙන ආරංචි අනුව මේ අය කොවිඩ් චීන එන්නත ලංකාවට ගෙන ඒමට විරුද්ධ උනා කියලයි පුවත්පත්වල සහ වෙබ් අඩවිවල තියෙන්නේ. මේ අය අස් කරනකොට ආණ්ඩුව හේතුවක් දැක්වූයේ නැහැ. හේතු කිව්වානම් අපි ඒක පිළිගන්න සූදානම්. චීන එන්නත ලෝක සෞඛ්‍යය සංවිධානයවත් පිගෙන නෑ. චීන එන්නත විෂ එන්නතක්, මේ එන්නතද ලංකාවේ ජනතාවට දෙන්න හදන්නේ. මම ඔබතුමියට මතක් කරන්න කැමතියි 60 ගණන්වල උප්පත්ති පාලනය කියලා ජර්මනියේ Drug එකක් හැදුවා. ඒක කිසිම පරික්ෂණයක් නැතිව ලෝකයේ හැම තැනම බෙදලා අද වන විට ලක්ෂ 5ක් පමණ ඉන්නවා අංගවිකල ළමයි.

චීන එන්නත ගේන්න ඕන නිසා තමයි මේ පිළිගත් වෛද්‍යවරු ඉවත් කරලා ආණ්ඩුවට කඩේ යන වෛද්‍යවරු පත් කර ගත්තේ. එහෙම කලේ අපේ ජනතාවට විෂ පොවන්නද මේක විෂ එන්නතක් වහාම පැහැදිලි කිරීමක් කරන්න.

Exit mobile version