Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“රටේ නම ශ්‍රී ලංකාව ලෙස නොව “සිංහලේ” යනුවෙන් වෙනස් කළ යුතුයි” – භික්ෂූන් වහන්සේලාගෙන් යෝජනා

"රටේ නම ශ්‍රී ලංකාව ලෙස නොව “සිංහලේ” යනුවෙන් වෙනස් කළ යුතුයි" - ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භික්ෂූන් වහන්සේලාගෙන් යෝජනා

"රටේ නම ශ්‍රී ලංකාව ලෙස නොව “සිංහලේ” යනුවෙන් වෙනස් කළ යුතුයි" - ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භික්ෂූන් වහන්සේලාගෙන් යෝජනා

රටේ නම ශ්‍රී ලංකාව ලෙස නොව “සිංහලේ” යනුවෙන් වෙනස් කළ යුතු බවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට භික්ෂූන් වහන්සේලා අද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් ඒ බව සඳහන් කර සිටියහ.

ශ්‍රී රෝහණ පාර්ශ්වය වෙනුවෙන් එහි අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ අදාළ යෝජනාව භාරදීමෙන් අනතුරුව මෙලෙස අදහස් පළ කළහ.

“මේ රටේ නම සිංහලේ විය යුතුයි කියලා තමයි මම යෝජනා කළේ. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතුයි. ඊළඟට මේ රටේ ඓතිහාසික බෙදීම රුහුණු, මායා, පිහිටි කියන බෙදීම මුල්කර ගෙන පරිපාලනයේ බෙදීමක් ඇතිකළ යුතුයි. අපේ යෝජනා සඳහා වැඩි අවධානයක් යොමු කරයි කියලා හිතනවා.”

“මම යෝජනා කළේ ශ්‍රී ලංකා ජනරජය කියන නම. කිසිදු ආකාරයක බලය බෙදීමක් නොවිය යුතුයි.” යැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ද සඳහන් කර සිටියහ.

බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටුව වෙත මෙලෙස භික්ෂූන් වහන්සේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කරනු ලැබූහ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සඳහන් කළේ “අපි මහපොළව ගැන විතරක් නෙමෙයි අහස සහ මුහුද, සතා සිවුපාවා ගැනත් කරුණු ඉදිරිපත් කළා. තවත් කරුණු රැසක් ගැන කරුණු ඉදිරිපත් කළා. අපි ඉදිරියේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඒවා ඉටු නොකළොත් අපිට ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද කියලත් අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි,” යනුවෙනි.

Exit mobile version