Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් නිදොස් කොට නිදහස්

EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

EPF පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

අල්ලස් පනත යටතේ දූෂණ චෝදනාවක් එල්ල වී සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා (30) නියෝග කළේය.

2010 දෙසැම්බර් 01 සහ එම 30 අතර කාලය තුළ ලංකා විදුලි සමාගමට ඉඩමක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීති පියවර ගැනීමට නිසි උපදෙස් ලබා නොදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. ඩී. නවාස් සහ එම අංශයේ හිටපු ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු යන අයට එරෙහිව ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබිණි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිණී සේනානායක මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩුව පවරන අවස්ථාවේ තාක්ෂණික දෝෂයක් සිදු ව ඇති බවත් ඒ මත කොමිසම් සභාවේ නිර්දේශ අනුව විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බවට අධිකරණයට දැනුම් දුන්නාය. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 189 වගන්තිය යටතේ නඩුව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බවට අධිකරණයෙන් ඉල්ලා විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු යන අය නිදොස් කොට නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියාය.

Exit mobile version