Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජර්මනියේ ලාංකික දෙමළ ජනයන් පිටුවහල් කිරීමට විරෝධයක්

ජර්මනියේ දමිළයන් පිටුවහල් කිරීමට මහත් විරෝධය

ජර්මනියේ දමිළයන් පිටුවහල් කිරීමට මහත් විරෝධය

ලාංකීය දෙමළ ජනතාව ජර්මන් රටින් පිටුවහල් කිරීමට දැඩි විරෝධය පළ කරමින් විවිධ සංගම් ඒකාබද්ධව උද්ඝෝෂණ පවත්වන බවට වාර්තා වේ.
ශ්‍රී ලාංකීය දෙමළ ජනතාව ජර්මන් රටින් පිටුවහල් කිරීම හා අත් අඩංගුවට ගෙන සිරකොට තැබීමට විරෝධය පළ කරමින් විවිධ සංගම්වල සාමාජිකයන් දැඩි උද්ඝෝෂණයක නිරත වී ඇත.

ජර්මනියේ රැකවරණය පැතූ ලාංකික දෙමළ ජනතාව 100 දෙනෙකුටත් වඩා අධික පිරිසක් ලංකාවට නැවතත් පිටත් කිරීමට බලපොරොත්තු වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. තවද මාර්තු 30 වන දින ලංකාවට පිටත් කිරීමට බලපොරොත්තු වන බව ද එහි සදහන් විය.

ජර්මනියේ රැකවරණය පතන්නන්, ජර්මනියේ තවදුරටත් විසීමට අවසර පත්‍ර ලබා ගත යුතු බවට එරට නිලධාරීන් දැන් වූ කළ, රැකවරණය සදහා ලියාපදිංචි වීමට ගිය විට, මෙසේ අත් අඩංගුවට ගත් බවට මාධ්‍ය වාර්ථා කරයි.
ඉහත සිදුවීම ජර්මනියේ වෙසෙන අනෙකුත් රටවල සිට පැමිණි දෙමළ ජනයා වන අතර මෙය මහත් ව්‍යාකූලත්වයක් හා විස්මයක් ද ඇති කොට බවටද වාර්තා වී ඇත.

Exit mobile version