Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුරගල සීල ව්‍යාපාරයෙන් ආණ්ඩුවට ලකුණු දාගන්න ගිහිං හත්පොළේ ගාගනී

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන කූරගල පුදබිමේ අද උවැසි උවැසියන් සිල් ගැනීම තුලින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂට ලකුණු දමා ගැනීමට උත්සාහ කළ ආණ්ඩුවේ මාධ්‍ය මධ්‍යස්ථානය දැඩි විහිළුවකට ලක්ව තිබේ. ගෝටාබය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ජනාධිපතිවරණ සමයේ කටයුතු කළ සහ දැන් ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස කටයුතු කරන මිලින්ද රාජපක්ෂ විසින් මෙම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍යයට එක් කර තිබුණි.

නැගෙනහිර පුරාවස්තු රැකගැනීම සඳහා ජනාධිපති ගෝටාබය රාජපක්ෂ “ජනාධිපති කාර්ය සාධක බලකායක්” බිහි කළ බවත් එමගින් කුරගල පුදබිම රැක ගත් බවත් ඔහු කියා ඇත. ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානියා සිතා ඇත්තේ කූරගල පිහිටියේ නැගෙනහිර පළාතේ බවය. ඉන්පසු ඔහු කූරගල පුදබිම ඉස්ලාම් අන්තවාදීන් විසින් බුදු පිළිම විනාශ කළ මාවනැල්ලට සම්බන්ධ කිරීමට උත්සාහ දරා ඇත. පසුගිය ජනාධිපතිවරණයට පෙර කුරගල පිළිබඳ විශාල හඬක් නැගූ මිලින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ මාධ්‍ය මධ්‍යස්ථානය නියෝජනය කරන පිරිස අඩු තරමේ මේ ඓතිහාසික පුදබිම පිහිටියේ බලංගොඩ ප්‍රදේශයේ කියාවත් දන්නේ නැති බව පෙන්නුම් කර ඇත.

Exit mobile version