Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත ලබා දීමේදී ශ්‍රී ලංකාවේ සිටින චීන්නුන්ට ප්‍රමුඛතාව

චීනයේ නිෂ්පාදිත Sinopharm කොවිඩ්-19 මර්දන එන්නත ලබා දීමේදී මෙරට සේවයේ නිරත චීන ජාතිකයන්ට ප්‍රමුඛතාව හිමි වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

චීන තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීමක් අනුව එන්නත ලැබුණු පසු මෙරට රැකියාවල නිරත චීන ජාතිකයන්ට ද එන්නත ලබා දීමට කටයුතු කරන බව ඇය පැහැදිලි කළාය.

දැනට එම එන්නත මෙරටට ලබා ගැනීම සඳහා අනුමැතිය හිමිව ඇති බවත් එන්නත් තොගය මෙරටට ලැබෙන දිනය පිළිබඳ මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවත් අමාත්‍යවරිය ‘මව්බිම’ වෙබ් අඩවියට පැවසීය.

චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය පසුගිය සෙනසුරාදා (20) හිමි විය.

Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඒ අනුව මෙරටට ලැබීමට නියමිත ය.

තව ද රැකියාවල නිරත තාවකාලික ස්ථානවල පදිංචි පුද්ගලයන් එන්නත ලබා ගත යුතු ක්‍රමවේදය පිළිබඳව අමාත්‍යවරියගෙන් විමසූ විට ඇය ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“ඒ ග්‍රාම නිලධාරී වසමේ වයස තිහේ ඉඳන් හැට අතර දෙනකොට බෝඩ්වෙලා ඉන්න අයටත් ඒ ක්ලිනික් එකෙන්ම වැක්සින් එක ගන්න පුළුවන්.”

Exit mobile version