Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සහාරන්ගේ සහෝදරයාට ප්‍රතිකාර කල පුද්ගලයා TID අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අන්තවාදය ප්‍රචාරය කිරීමේ චෝදනාවට මාවනැල්ලේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාවනැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 5 වනදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අන්තවාදය ප්‍රචාරය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි තවත් අයෙකු ද ත්‍රස්ත විමර්ශන භාරයට ගෙන ඇති බවයි.

ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි.

සැකකරු මඩකලපුව පොලිසිය සිදුකළ පරීක්ෂණ කිහිපයකින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

එම සැකකරු අන්තවාදී මත දරමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවී ඇතැයි හෙළිවී තිබේ.

සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් 2018 වසරේදී බෝම්බ පිපිරවීම් අත්හදා බැලීමකට ගොස් තුවාල ලබා සිටියදී ප්‍රතිකාර කර ඇත්තේ ඊයේ අත්අඩංගුවට ගත් එම සැකකරු බව හඳුනාගෙන ඇත. මොහොමඩ් රිල්වාන් සයින්දමරුදු පිපිරීමේදී ජීවිතක්ෂයට පත්විය.

2018 වසරේ බෝම්බ අත්හදා බැලීමේදී තුවාල ලැබූ රිල්වාන් හෂීම් කොළඹට රැගෙන විත් ප්‍රතිකාර ලබාදීම ඇතුළු කටයුතු සිදුකර ඇත්තේ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය භාරයට ගත් පුද්ගලයා බව තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Exit mobile version