Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“මැතිවරණය පැවැත්වීමට පෙර විසඳාගත යුතු ගැටලු රැසක්” – විමල් ආණ්ඩුවේ තීන්දුවට පිටින් යයි

"මැතිවරණය පැවැත්වීමට පෙර විසඳාගත යුතු ගැටලු රැසක්" - විමල් ආණ්ඩුවේ තීන්දුවට පිටින් යයි

"මැතිවරණය පැවැත්වීමට පෙර විසඳාගත යුතු ගැටලු රැසක්" - විමල් ආණ්ඩුවේ තීන්දුවට පිටින් යයි

වතින වාතාවරණය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව විමල් වීරවංශ අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ මැතිවරණය පැවැත්වීමට පෙර විසඳාගත යුතු ගැටලු රැසක් පවතින බවය.

පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මේ නීතිමය ගැටලුවට ප්‍රථමයෙන් උත්තර සෙවිය යුතුයි. ඒ උත්තරය ලබාදීම මගින් තමයි එම මැතිවරණය තියෙනවා නම් තියන්න පුළුවන් පරිසරයක් ඇති වෙන්නේ. මොන ක්‍රමය වුණත් මේ දැනට තියෙන තත්ත්වය අනුව නම් පළාත් සභා තියන්න බෑ.” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේවෙතත් ආණ්ඩුව පසුගිය සතියේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින පැවැත්වීමට තීන්දු කළ අතර ජනාධිපතිවරයා එය පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රී සංසදය වෙත දැනුම් දීමක්ද කළේය.

Exit mobile version