Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා එන්නත ගැනීමෙන් පසු මිය ගිය තිදෙනාගේ මරණයට එන්නත සම්බන්ධ නැහැ – කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය

"මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී" - කොරෝනා රාජ්‍ය ඇමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ

"මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී" - කොරෝනා රාජ්‍ය ඇමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ

මෙතෙක් කොරෝනා එන්නත් ලබා දී ඇති ලක්ෂ 7කට අධික ජනතාව අතරින් එන්නත ලබා දීමෙන් පසු මියගොස් ඇත්තේ, පුද්ගලයින් තිදෙනෙකු පමණක් බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය පැවසුවේ, එම තිදෙනා මරණයට පත්ව ඇත්තේ එන්නත නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් නොවන බවය.

එම මරණ සිදුවීමට හේතු පැහැදිලි කළ අමාත්‍යවරිය,

“අපි 773,000කට වැක්සින් එක දීලා තියෙද්දි වැක්සින් ගත්ත තුන් දෙනෙක් තමයි මේ වෙනකොට මිය ගිහින් තියෙන්නේ. දෙදෙනෙක් හාට් ඇටෑක්. ඒකත් වැක්සින් එක අරන් දවස් තුන හතරකට පස්සේ. ඒකට හේතුව වැක්සින් එක නෙමෙයි හාට් ඇටෑක්.

එතකොට සේදවත්තේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ අපවත් වුණා, උන්වහන්සේට ඇදුම තිබිලා ඇදුම උත්සන්න වෙලා බෙහෙත්ගන්න වත්තල පෞද්ගලික රෝහලකට ගෙනිච්චම භාර අරගෙන නැතුව පස්සේ රාගම රෝහලට ඇඩ්මිට් කරනකොට අපවත් වෙලා. ඒකත් මේකට සම්බන්ධ නැහැ,”

Exit mobile version