Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“මේ රටේ කිසිම ජාතික සම්පතක් විකුණනවාට අපි එකඟ නැහැ” – ඇල්ලේ ගුණවංශ හිමි

(VIDEO) මේ මහපාරට වැටිලා තියෙන්නෙ බහුතර ජනතාවක්. ඔබ නිසා අපි බොහෝ පරිත්‍යාගයන් මේ රට වෙනුවෙන් කළා, ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා මේ ප්‍රශ්න අතට අරගෙන ක්‍රියාකරන්න - ඇල්ලේ ගුණවංශ හිමි

(VIDEO) මේ මහපාරට වැටිලා තියෙන්නෙ බහුතර ජනතාවක්. ඔබ නිසා අපි බොහෝ පරිත්‍යාගයන් මේ රට වෙනුවෙන් කළා, ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා මේ ප්‍රශ්න අතට අරගෙන ක්‍රියාකරන්න - ඇල්ලේ ගුණවංශ හිමි

කොළඹ වරායේ බටහිර පර්යන්තය පමණක් නොව මේ රටේ කිසිම ජාතික සම්පතක් විකුණනවාට තමන් වහන්සේ එකග නැතැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

ඉන්දියාවේ ආදානි සමාගම හා ජපාන රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය පැවරිමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඇල්ලේ ගුණවංශ හිමියෝ මේ බව කීහ. එහි දී තවදුරටත් අදහස් දැක් වූ එහිමියෝ මෙසේ ද කීහ.

“මෙරට ජාතික සම්පත් විකුණනවාට මම එකග නැහැ. ඈත අතීතයේ ඉඳලා අපේ රටේ ජාතික සම්පත් අපේ උරුමයන්, වස්තූන් ලෙසයි සැලකුවේ. ජල සම්පත, භූමි සම්පත, වන සම්පත, දරු සම්පත ලෙස අපි මේ ජාතික සම්පත් සැලකුවේ ඒ නිසයි.

භූමි සම්පත අද විකුණගෙන යනවා. වන සංරක්ෂණ පනත් පවා වෙනස් කරමින් අක්කර දහස් ගණන් අපේ වනාන්තර බහුජාතික සමාගම්වල මෑත ඉතිහාසයේ ඉඳලා අද දක්වා විකුණනවා. මේ නිසා අපේ භූමි සම්පත දැඩි අර්බුදයක තියෙන්නේ. මේ කාරණාවලට විරුද්ධව ඉදිරියට එන්න සියලු ජනතාවට වගකීමත් තියෙනවා.

අද මේ කාරණාවලදී හැමදේටම ඉස්සරහට එන්නේ අපි කිහිප දෙනෙක් විතරයි. හැමෝටම මේ ගැන වගකීමක් තියෙන බව සිහිකර ගන්න ඕනේ. එම නිසා රටේ ජාතික සම්පත් රැකගන්න පක්ෂ, පාට, ජාතිභේදයෙන් තොරව හැමෝම පෙරට එන්න ඕනේ.”

-ලංකා සතිඅන්ත ජාතික පුවත්පත – සිසිර යාපා

Exit mobile version