Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හෙදියන් කලකිරීමෙන් – VIP කොරෝනා එන්නත් ගැහිල්ල ගැන හෙදියක් හෙළිකරයි

කොවිඩ් එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට යෝජනාවක්

කොවිඩ් එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට යෝජනාවක්

කොළඹ ස්ථාන කීපයකදී ප්‍රභූන් (VIP) වෙනුවෙන් වෙන් වූ එන්නත් මධ්‍යස්ථාන ගැන එම කටයුතුවලට සම්බන්ධ වී සිටින හෙදියක් තොරතුරු හෙළිකර තිබේ.

සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙසට මෙම තොරතුරු බීබීසී සිංහල සේවය වෙත එම හෙදිය විසින් අනාවරණය කර ඇත්තේ මෙසේය.

“මම හෙදියක්, VIP වැක්සීන් සෙන්ටර් එකක වැඩ කරනවා. මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන. අපේ පවුලේ වයසක අම්මට, තාත්තට තියා කිසි කෙනෙකුට එන්නත ලැබුණේ නැහැ. නමුත් VIP සෙන්ටර් එකට දේශපාලඥයන්, ඒ අයගේ නෑයෝ, යාළුවෝ සහ ප්‍රභූන් කියන අය ඔක්කොම ඇවිත් එන්නත විදගෙන යනවා. මේක ඇත්තටම ලොකු අසාධාරණයක්,” යැයි ‘ප්‍රභූ එන්නත් මධ්‍යස්ථානයක’ සේවය කරන හෙදියක බීබීසී පවසා තිබේ.

කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ආරක්ෂා වීමට ලබා දෙන මෙම වැක්සීන කොවිඩ් මර්දනයට සම්බන්ධ අංශ වෙත ලබා දීමෙන් අනතුරුව වයස අවුරුදු 60 ට වැඩි පිරිස් වෙත සහ දිගුකාලීන රෝගවලින් පීඩා විදින අය වෙත ලබා දීම එන්නත්කරන වැඩසටහනේ ප්‍රමුඛතාවය වුවත් මේ වනවිට එම ක්‍රියාවලිය බිඳ දමමින් විවිධ ක්‍රම යොදා ගනිමින් ප්‍රභූ පිරිස් වෙත එන්නත් ලබා දෙමින් ඇති බව හෙළිදරව් වේ.

දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිවීම සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක දී පැවසීය.
-Lankatruth

Exit mobile version