Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසැල් දැරියන් විසින් ඉදිරිපත්කල ඉල්ලීම් ජනපති විසින් ඒ මොහොතේම (instant) ඉෂ්ට කරනු ලැබිණ

පාසැල් දැරියන් විසින් ඉදිරිපත්කල ඉල්ලීම් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් ඒ මොහොතේම (instant) ඉෂ්ට කරනු ලැබිණ

පාසැල් දැරියන් විසින් ඉදිරිපත්කල ඉල්ලීම් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් ඒ මොහොතේම (instant) ඉෂ්ට කරනු ලැබිණ

ත්‍රිකුණාමලය, මැදවච්චිය විද්‍යාලයේ ශිෂ්‍යාවක් විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමට එසැණින් විසඳුම් ලැබිණ.
ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේකඩවල විද්‍යාලයේ (27) පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ශිෂ්‍යාව මේ ඉල්ලීම කළාය. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේම ක්‍රීඩාපිටිය සංවර්ධනය හමුදාවට පැවරීය.

සිසුවියගේ ඉල්ලීම ඵල ගන්වමින් යුදහමුදාවේ ඉංජිනේරු සේනාංකය පැය දෙකක් ඉක්ම යාමටත් මත්තෙන් ක්‍රීඩාපිටියේ සංවර්ධන කටයුතු ආරම්භ කළහ.

එමෙන්ම ජනාධිපතිවරයාගෙන් කුඩා පාසැල් ශිෂ්‍යාවක් ප්‍රශ්නයක් යොමු කරමින් ඇය ඉගෙන ගන්නා “පාසැලේ පුස්තකාලයට පොත්පත් නැහැ” යනුවෙන් ඉල්ලිමක් කළ මොහොතේ ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා “පොත් 500ක් දෙන්නම්. එන්න.” යනුවෙන් පවසමින් සාකච්ඡා මේසය මත තිබූ පොත් පාර්සලයක් ප්‍රදානය කරන ලදි.

Exit mobile version