Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුපියල් 20 නව කාසිය මාර්තු 03 වනදා සිට මුදල් සංසරණයට

රුපියල් 20 නව කාසිය මාර්තු 03 වනදා සිට මුදල් සංසරණයට

රුපියල් 20 නව කාසිය මාර්තු 03 වනදා සිට මුදල් සංසරණයට

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් විසින් (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ. කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබේ.

කාසි මිලියන 05ක් ලබන මාර්තු 03 වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Exit mobile version